Tuesday, March 15, 2016

පාරිශුද්ධ

කන්‍යාවිය...අපිට අනුව, පාරිශුද්ද කාන්තාවයි..ඉතින් ඒ පාරිශුද්ධ කන්‍යාව පිලිබදව අපි පොඩි කතිකාවක් පටන් ගනිමු...     
                    "කන්‍යාව අම්මෝ..එක 18+ වචනයක්නෙ" ඔය අපේ බහුතරක් දෙනාගෙ සංකල්පය.කුමක් හේතුවෙන් එය 18+ වූවේද?                                                        
                  මා සිතන අයුරින් අපේ රටේ ඇති සංවෘත ලිංගික කතිකාව එයට හේතුවයි.                          
                     උපන්දා සිට ලංකාවේ දරුවන්ට ලිංගික යන වචනය ඇහෙන්නටවත් නොලැබේ.මෙහි ප්‍රදානතම ගැටලුව වන්නේ මොවුන් සමාජය තුලින් මේ වචනය උගන්නා විට එය පිලිබව දැඩි කුතුහලයක් ඇතිවීමයි...කුතුහලයේ අභාග්‍ය සම්පන්න බවනම්,ලැබෙනා ඕනෑම අවස්තාවකින් හරි හෝ වැරදි වේවා..අත්දැකීම් ලබාගැනීමට උත්සාහ දැරීමයි...මේ සිද්දිය බලන්න ඔබ හොදින් අත්විද ඇති....3-4 වසර වල ළමුන් සිය විරුද්ධ ලිංගිකයන් ප්‍රතික්ශේප කරයි.....පවුලේ සහෝදරයෙක් හෝ සහෝදරියක් නැතිනම් තත්වය වඩා හොදින් දැක ගත හැකිය...මෙසේ සිදුවන්නේ ඇයිද??විමසා බැලීම වටී...1-2වසර යනු ළමයා සමාජයට....පුද්ගල සබදතා වලට නිරාවරනය වන සමයයි....ඉතින් ඔවුනට කෙලි සෙල්ලමින් එහා දෙයක් හැගෙන්නේ නැත..                                                
                                ඉන්පසු 3-4-5 යනු පුද්ගල සබදතා තේරුම් ගන්නා...විග්‍රහ කරගන්නා සමයයි..ඉතින් ඔවුනට යහලු මිත්‍රයින් හැරුනු විට අනෙකුත් විරුද්ධ ලිංගිකයන් අමුතු භාන්ඩයක් බවට පත්වෙයි..බස් රථයකදී කොල්ලෙක් කෙල්ලෙක් සමගත් කෙල්ලෙක් කොල්ලෙක් සමගත් වාඩිවී යාමට පවා මැලිකමක් දක්වයි..ඔවුන්ට සිතෙන්නේ පිරිමි සිටින්නේ ගැහැනුන්ට ප්‍රේම කිරීමටත්....ගැහැනු සිටින්නේ පිරිමින්ට ප්‍රේම කිරීමට බවත්ය.....ඉතින් ඔවුහු මගහරිති...ඉතින් මේ ප්‍රේම කිරීමට  විතරක් සංකල්පය, කාලයක් ගතවන තැන ලිංගික ක්‍රියාවලට පමනක් බවට පත්වේ...ගැහැනු දරුවන් පිරිමි දරුවනුත්...පිරිමිදරුවන් ගැහැනු දරුවනුත්..අතර විශ්වාසය බිද වැටී තිබීම මෙයට හේතුවයි....සම එහෙම නැත්නම් සිය වර්ගයේම ලිංගිකයන් සමග පමනක් විශ්වාසය යන කරුන ගොඩනැගේ..ඉතින් වර්තමාන විවාහක පවුල් වල මේ අවිශ්වාසය ආරම්භ වන්නේ මෙන්න මෙතනනි....විස්වාසය සිය යහලුවාවය...පිරිමියා වේවා ගැහැනිය වේවා...                                                      
                            ඉතින් කන්‍යාව ...,පිරිමියා විසින් (බහුතර) කන්‍යාවක් සිය විවාහයට පතන්නේ මන්ද...වෙනත් පිරිමියෙකු සමග නිදා නොමැති බව විශ්වාස කිරීමයි...ඉතින් ඔහු වෙනත් පිරිමියෙකු හා නිදාසිටි ගැහැනියක් බැහැර කරන්නේ මන්ද...මා මුලදී පැවසූ කරුන මතකද?කුඩා කල ගැහැනිය බැහැර කිරීම..ඇයව ප්‍රතික්ශේප කිරීම හා කොන්කිරීම මෙයට හේතුවයි...මා සිතන පරිදි සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට විවාහයට ප්‍රථම ලිංගිකව එක්නොවී විසීම තුලින්  කිසිදු හව් හරනක් නොලැබේ...සහ එය කොතරම් සදාරනීකරනය කල හැකිද??                          
                                   මෙසේ කුඩා කල සිටම ලැබෙන දැනෙන හා විදින ක්‍රියාකාරකම් මත පිරිමියාත් ගැහැනියත් ඔව්නොවුන් දකිනුයේ ලිංගික භාන්ඩ ලෙසය...එතකොට ආදරේ කරන්නෙ.....ඔව් ඔව් ආදරේ කියන්නෙ වෙනමම හැගීමක්...(ලිංගික කර්තව්‍යන්ට ආදරය අදාල නොවන නිසා එක සම්බන්ද කර නොගනිමි.....සයනයේදී...එහෙම නැතිනම් එක්වීමේදී අනෙකා ගැන පමනක් සිතන අයෙකු සිටීද??ආදරයේදී නම් සිටිත්..එහෙත් ලිංගික එක්වීමකදී........ලිංගික එකතුවීමකට ආදරය උවමනා නම් මෙලොව ගණිකාවන් කියා කොඨ්ටාශයක් නොමැති වේවි....)එතකොට ඔවුන් හරිය මොකද සෙකන්හෑන්ඩ් භාන්ඩයක් ගන්නවට වැඩිය බ්‍රෑන්ඩ් නිව් ඒව ගන්ඩනෙ කට්ටිය කැමති...හැබැයි මානුශීයව සිතා බලන කල...කන්‍යාවක් නොවන පමනින් ඔවුන් විවාහයකට නොසුදුසුද??එසේ වන්නේ කෙසේද??මගේ තර්කය නම් ගණිකාවකට පවා විවාහවී සතුටින් ජීවත් විය හැකි බවයි.....
                                                           සහ කන්‍යාවක් විවාහයකට ඉල්ලීම කොතරම් සාදාරනද?ඔබ සිතන්න ඔබට නිරුවත් ලස්ස රූසපුවක් හිමි ලනාවක් හා තනිවන්නට ලැබෙනවා කියා...ඔබට එයින් ලිංගික හැගීමක් පහල නොවේ නම් ඔබ සිත දියුනු කල මහා උත්තමයෙක්ය...නැතිනම් ලිංගික දුබලයෙක්ය....ක්‍රියාවට යෙදවීම හා නොයෙදවීම එයට අදාල නැත...ඉතින් එහිදී ක්‍රියාවක් වූවා කියා වරදක්ද නැත....ඉතින් ගැහැනියක්ද සරාගී පිමියෙකු හා යහනක තනිවූ විට සිදුවන ක්‍රියාවද මෙයමය...සිදුවිය යුත්තේ කර්තෘ මාරුවීමය..ඉතින් දෙපිරිසේම ක්‍රියාවලිය සමානය..හුදෙක් එක් පිරිසක් පමනක් වාරණයට යොමුකිරීම සාදාරනද???                                                       
                        මෙහිදී මතුවන ප්‍රධානතම කරුන නම් කුහකත්වයයි...ඊරිසියාවයි...අප සමාජය පුර්ෂ මූලික බැවින් පිරිමියා හඩගා කන්‍යාවක් ඉල්ලයි ගැහැන්නිය නිහඩව පාර්ශුද්ද පිරිමියෙකු ඉල්ලයි..ඩිම්බයකින් හා ශුක්ක්‍රානුවකි නිශ්පාදනය වන මිනිසා ශුක්‍රානුවක් නිසා අපිරිසිදු වන්නේ ඇයිදැයි නොතේරේ...                         
                                         මේ ගෝත්‍රික ක්‍රියා පිලිවෙත අප සම්මාජයේ තවමත් දක්නට ඇත්තේ නිහඩ ගැභැනිය නිසාය...ගැහැනියකට හැකියාව තිබිය යුතුය ස්වයං තීරන ගැනීමට හා ක්‍රියාත්මක කිරීමට......තනියෙන් ගැහැනියක් වශයෙන් පිරිමියෙකුට ගැති නොවී ජීවත් වීමට.....එවිට පිරිමින්ට කිසිවිටක ගැහැනිය සිය හිතුමතයේ භාවිතා කිරීමට හැකියාව නොමැති වීයයි...එවිට ගැහැනියට සමාජය තුල ස්වාදීනත්වයය ලැබෙයි....ආධිපත්ය පිරිමියා හා සමව පැතිර වීමට හැකියාව ලැබෙයි...ඉතින් එවිට කන්‍යාවක් ලෙස විවාහ වනතුරු හැගීම් ගුලිගසා තබා ගත යුතුද......තම සිතිවිලි ක්‍රියාවට නැන්වීමට අවස්තාව නොලැබේද??යධම් බිද දමා නැගිටීමට අවස්තාව නොලැබේද??                                                              
                       අනෙක් කරුන නම් ගැහැනියකට මුලින්ම චොදනා කරනුයේ තවත් ගැහැනියක් විසිනි....ඒ ඇය ලබන්නා වූ විදවන්නා වූ ඊර්ශියාව හේතුවෙනි.....සමාජය විසින් ඇයට එසේ හැසිරීමට නොදෙන්නා බැවින් හැසිරවෙන්නා වූවන් ගැන ඇති ඊර්ශියාව හේතුවෙනි..එය ගැහැණියකගේ වචනයෙන්ම මෙසේය""ඔයා එයත් එක්ක ඉන්නව කියද්දි මට හරියට ඊරිසියා හිතුන අනේ""                                                                         
            ලංකාවේ මීට දින කිහිපයකට ඉහතදී කුලියාපිටියේදී සිදුවූ ගැටලුව ඔබට මතක ඇතුවාට සැක නැත.... පියා ඒඩ්ස් සෑදී මිය ගියවිට  දරුවා පසල් පැමිනෙනවාට විරුද්ධ වීම...ඒ සියල්ලටම හේතුව කුමක්ද??ලිංගික අධ්‍යාපනය නොමැතිකම නොවේද?ලිංගික සංප්‍රේශන රෝග පිලිබද නොදැනුවත් භාවය නොවේද??පාසල් අධ්‍යාපනය තුල වඩාත් හරවූ ලිංගික අධ්‍යාපනයක් නොලැබේ...සංවුත අපේ සමාජය තුලනම් මවහෝ පියාගෙන් නම් එය බලා පොරොත්තු වීම මහා මෝඩකමකි....ඉතින් දරුවා ඒ පිලිබද දැනුමක් ලබාගන්නේ කොහෙන්ද..සමාජයෙනි...තමා ඇසුරුකරන....පුද්ගලයන්ගෙනි...ඉතින් ඒ ලැබෙන වැටහීම හරි වේවා වැරදි වේවා ඔහු බාරගනී..අනාගතය..මුලු ජීවිතයම ඔහු ගොඩනගා ගන්නේ එම දැනුම හා අධ්‍යාපනය මගිනි...ඉතින් ඒ කුලියාපිටියාවනුත් ක්‍රියාත්මක කරනුයේ අපෙන්ම......ලබාගත් දැනුම නොවේද??ඉතින් මෙය ගුරා උගන්වා ඉගැන්වූව ශිෂ‍යා පිලිපදින විට ඔහුට චෝදනා කිරීමක් නොවේද....                                               
                                     අනෙක් කරුනනම් මේ ඉහල යන ළමා අපචාර පාලනයට ඇති හොදම විසදුමනම් මේ ලිංගික අධ්‍යාපනය දරුවාට ලබාදීමයි...දැනුමින් සන්නද්ධ දරුවා පොලබවා ගැනීමට හා රවටා ගැනීමට ඇති හැකියාව බොහෝසෙයින් අඩුය....                                   
                                         ඉතින් තව දුරටත් කන්‍යාවන් අවශ්‍යද....ලිංගික වහලුන් ලෙස තමාටම පමනක් වෙන්කරගත් කන්‍යාවන්.....ලිංගික නිදහසක් නැති...හැගීම් සිරකරගත්...                                
                                                                                     
                                                                                       
                         නැතිනම් අවසානය...
       https://media.giphy.com/media/l4KhYmlrmOd8xNFeM/giphy.gif

11 comments:

  1. අපේ රටේ මිනිස්සුන්ට අනුව සදාචාරය තියෙන්නේ කකුල් දෙක මැද්දෙ. ඒත් පිළිවෙලකට පෝලිමක යන්න දන්නේ නෑ, අනෙකාගේ පුද්ගලිකත්වයට ගරු කරන්න දන්නේ නෑ. අනෙකාගේ නිදහසට ගරු කරන්න දන්නේ නෑ. කකුල් දෙක මැද්දේ අහවල් එක හොයන එක තමයි ලොකුම වැඩේ

    ReplyDelete
    Replies
    1. කකුල් දෙක අස්සෙ තියන සදාචාර හරි කුහකයි...අහවල් එක දෙක අස්සෙ ගහන් ඉන්නකන්,උන් වගේ අපි ඉන්නකන්,උන්ගෙ කියවීම හරි කියල අත උස්සන් ඉන්නකන් සදාචාරවත්......හරි ශෝක්...හැබැයි උන්ට ගෑනුන්ව දැක්කහම කලිසම උස්ස ගන්නැතුව ඉන්ඩ බෑ....නිරුවත් කකුලක්....අත්කපපු හැට්ටෙක බාහුවේ නිරුවත දැක්කහම කෙල හලනව....හරියට මට ඉස්සර සීට් එකෙ ඉන්න එක වගේ....ඒවුනාට තමන්ගෙ ගෑනි දිහා බලපුවහම මූන හතරැස් වෙනව.....ඔන්න අපේ සදාචාරය...

      Delete
  2. ජපන් කොඩිය....අම්මගේ රෙද්ද තමයි.තමන් ආදරය කරන මනුස්සයාගැන විශ්වාසයක් නොමැතිවීම.තමන් ආදරයකරන්න ගත්ත දවසේ ඉදන් ඔහු හෝ ඇය තමන්ගේ විශ්වාසය රකිනවානම් එතනින් එහාට මොන රෙද්දක්ද?අතීතය ගැන මොන ඉලවුවට හොයනවාද?හ්නමිටි අදහස් බං.

    ReplyDelete
    Replies
    1. විශ්වාසය එක්ක ගනුදෙනු කරන අපි හැමෝම දැනුවත්ව හෝ නොදැනුවත්ව හැම දෙයක්ම විශ්වාස කරනව....ඒ සෑම දැනුවත් වීමක්ම ආදරයක්...නැත්තන් බැදීමක්....ඉතින් ආදරය අමුතු විශ්වාසයක් ඕනෙනෑ....විශ්වාසය කියන්නෙ එක් ලිංගිය සහ කරුවෙක්ට හෝ සහකාරියක්ට් සීමා වීම නෙවේ...අතීතයේ සිදුවීම් වර්තමානය වැදගත් නෑ.....වැදගත් වෙන්නෙ ඒවාගෙන් ලබා ගන්නා අත්දැකීම්...(මම හිතන විදිහට)

      Delete
  3. මචං කන්‍යා භාවය කියන වැඩිපුරම හොයන්නෙ අඩුම ගාණෙ දෙතුන් දෙනෙක් එක්ක වත් නිදි වැදපු ගොන් තකයි
    ඉටත් අපේ බහුතරයක් ඇතුළෙ ප්‍රතික්ෂේප කරන්න බැරි ගෝත්‍රිකයෙක් ඉන්නව
    අෟව යටපත් කරන් ඉන්න උං ඉන්නව නේද උං තමා භයානකම. මොකද උං පුපුරන වෙලාව කියන්න බෑ. එවුං තමා ඇත්තම කුහක යො

    අනික් උංගෙ සිදුවීම් වලදි පරමාදර්ශී පොරවල් වගේ කතා කරන මේ ජාතියෙ උං තමන්නෙ සිද්ධියකදි දුම්මල වරම ගත්ත කපුවො වගේ වෙනව..

    කොටිංම ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ..

    තාම ලිංගිතක්වය අපේ සමහරුන්ට මැජික් බං

    ReplyDelete
    Replies
    1. කීදෙනෙක් එක්ක නිදි වැදුවත් නැතත් ප්‍රශ්නයක් නෑ..........තමන් පිරිසිදු(සමාජ කියවීමට අනුව...)කන්‍යාවන් හොයනදේ තමා ගැටලුව....එතුලින් බලා පොරොත්තු වෙන දේ ඇත්තටම ලබෙනවද......ලංකවෙ බොහෝ පෞද්ගලික රෝහල්වල කන්‍යාවන් නිශ්පාදනය කරනව.....//තාම ලිංගිතක්වය අපේ සමහරුන්ට මැජික් බං// එකනන් සිරා බං ලස්සන්ට ඇදල පැලදල යන (සමහරුන්ට අනුව...නිරුවත්,බාගෙට නිරුවත්,අසංවර,නොහික්මුනු..)ගෑලු ලමයෙක් දිහා බලන විදිහෙන් සමහරුන් ඒක නොකියා කියනව........

      මිනිස්සුන්ට ලස්සන ශරීරක් ලැබිල තියෙන්නෙ ලස්සන විදින්ඩ.........ඉතින් මොකටද අනවශ්ය විදිහට අතීතය තුල ජීවත්වෙන්නෙ.....විලාසිතා කරමු......ඒ උනාට ලංකාවෙ බිකිනියක් අදන්පාරෙ යන්ඩ හොද නෑ....මොකද එතකොට පාරවල් හෝදන්ඩ වෙනවනෙ

      Delete
  4. වටිනා ලිපියක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං................

      Delete
  5. රසික අද ඉදලා මං ඔයාගෙ රසිකයෙක් වෙනවා ජයෙන් ජය (තිතක්)

    ReplyDelete
    Replies
    1. බොහොම සිතූතියි (ඉරක් හා තිතක් )

      Delete
  6. බොහොම සිතූතියි (ඉරක් හා තිතක් )

    ReplyDelete