Wednesday, March 16, 2016

තිරිහන් පෙම

උපැස් යුවල හිස රදවා සිටින වෙලේ
මුකුලු සිනා මට පාලා ඇයයි ගියේ
මසිතෙ රැදුනු සෙනෙහේ පවසමිද කෙසේ
බැරිද සොදුර ඇරලන්නට කවුලු සිතේ



සිනා පිරුනු නුඹෙ මුවගට බැදුනු සෙනේ
තරුණ කලා මා නුඹ දුටු පළමු දිනේ
ආල කලා මා නුඹහට පහස දැනේ
ඇයිද කුමරි නුඹ මගෙ සිසුවියක් වුනේ



නුඹේ සුවද නුඹේ රුවට ප්‍රේම කලා මම
මුකුලු සිනා පාන නුඹේ මුව කමලට මම
මල් විසිනුමු රැලිති ගවුම සැගවු නුඹේ වත
සරසවියෙදි දුටුවා මම මා පෙම් බැදි සිත









ෆලෝවර ගැජට් එක දාල තියෙන්නෙ...ඒක සමහරුන්ට පේන්නෙ නෑ..(ගොඩක් දෙනාට) දන්න කවුරු හරි ඉන්නවනන් කියනවද ඒකට හේතුව හා කල යුත්ත







14 comments:

  1. Replies
    1. මනා ගුරු ගෝල සබදතාවය..!!! :P

      Delete
  2. සිංදුවකුත් මතක් වෙනවා..."මගේ පුංචි රෝස මලේ මමයි නුබේ වියපත් බඹරා"

    ReplyDelete
    Replies
    1. ඒකම තමා නිමිත්ත උනේ..

      Delete
  3. Replies
    1. ෆලෝවර ගැජට් එක දාල තියෙන්නෙ...ඒක සමහරුන්ට පේන්නෙ නෑ..දන්නවද ඇයි කියල..

      Delete
  4. පලෝවරේ නොපෙනෙන්න හේතුවක් නෑ
    ඒක අක්ෂි දෝෂයක් වෙන්ට ඕන
    හෙහ්...

    මට නං පුංචි තියා ලොකු රෝස මලක් වත් නැ බං සැක්

    කවිය නං නියමයි රසික... හැබැයි කියවද්දිම මතක් වෙන්නෙ අමරසිරි පීරිස් ගෙ සිංදුව
    ෂැඩෝ

    ReplyDelete
    Replies
    1. ෆලෝවරේ දාල තියෙන්නෙ බං....#%ත...

      ඇයි යකූ මටත් නෑ බං...තැංකූ ඈ..

      Delete
  5. පරාභව සූත්‍රය ගුරුකොටගනු දරුව....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූත්යි තුමනි...!!

      Delete
  6. ඔයා ඔය කියන්නේ ගුගල් ෆලෝවරය ගැන නං ඒක අමතක කරල ගලවලා දාන්න , ඔය යසට වැඩ කරන්නේ බ්ලොගර් ෆලෝවරය , ගූගල්ලෙන් වැඩක් නැ බ්ලොග් කාරයෙකුට , ඔයාගේ නම ක්ලික් කරහම කෙලින්ම ඔයාගේ බ්ලොග් එකට යන්ඩ පුලුවන්නං එච්චරයි , ඔය ගුගල් ෆෝපයිල් එකෙන් බැහැල ගොඩ වෙන්න . බ්ලොගර් ෆෝපයිල් එකට ( බපන්න මගේ නම උඩ සහ ඔයාගේ නම උඩ ක්ලික් කරලා ( අන්න ඒකයි හරිම විදිහ

    ඩැෂ්බොඩ් එකේ සෙටින්ග් ස්කෝරල් මෙනු එකට ගිහින් රීවෝට්ටු බ්ලොගර් ෆෝපයිල් කියන එක සිලෙක්ට් කරල ඔයාගේ ඕන පොටෝ එක සහ නම දීලා සේව් කරල , වැඩක් නැති ගැජට් ගලවලා දාලා , අනිත්වා අමතක කරල දාල ලියන්න

    ReplyDelete
  7. බොහොම ස්තූතියි අයියෙ...

    ReplyDelete
  8. දුටිමි ඔබගෙ කැළඹුණ හිත හොර රහසෙම මම
    සිනහ පෑව කොමළ කතා ඉඳ හිට දුටුවම
    යනෙන විටදි හොරෙන් බැලුව ඔය නෙත පෙණුනම
    සිතට රහසෙ කියැවේ කවි ලියනෙමි පොතකම
    /
    මියගිය පෙර පෙමක වරුණ රහසෙම විඳ විඳ
    වරදක බැඳි සිතක අරුම දන්නෙමි නැති සොඳ
    සමුගමු කිම විඳන හදක නැතිවට පෙමෙ ලඳ
    හිනැහෙමු නෙත ගැටුණු විටදි මිතුරු දමේ හොඳ

    ReplyDelete
    Replies
    1. විරහව රැදි සිත යටකර හිනැහෙමි මගෙ සඳ
      මිතුරු දමක පැටලෙනු බෑ පෙම මට උවමන
      ස්වාමියා නොමැති දිනක දෙනු මැන ඇරයුම
      ලඟින් නොයිද ඈතින් සිට සිඹින්න නුඹෙ හිස



      පුරුදු ලෙසම නුඹේ සුවද ඇතිදෝ නුඹ ලඟ
      සිනහ පිරුනු නුඹෙ කමලත කැන්දුව ලස්සන
      දෑස බැදුනු සීතල තතු පවසන නුඹෙ වත
      හරි ආසයි දැක ගන්නට එනවද විසි හය

      Delete