Wednesday, March 30, 2016

පූජා


වියලුණු ගත, ඉරිතැලුණු පොළොව සිපගෙන හමන සිහිල් සුළං රැලි ලොකු පෙර නිමිත්තක්..ජනෙල් කවුලුවෙ යකඩ කූරු අතරින් පෙනෙන අහස් කුස එක පාට්ටම ඒකාලෝකමත් වෙන්නෙ වැස්ස අරන් එන්ඩ පාර කියන අකුණු පාරවල්, හින්ද...ඒ අතරෙ අතරින් පතර ඇහෙන ගෙරවිලි හඬවල් නම් හිතට පුංචි සතුටක් ගේනව...දවස් ගානක් තිබ්බ ඌෂ්නෙ පහවෙලා යද්දි හිතට සතුට නොදැනුනා නම් පුදුමයි...ඔය කොච්චර උනත් මම පුංච් කාලෙනන් ගොරවනකොට හුගක් බයයි..ඒ වෙලාවට අම්ම ලඟට ගිහින් තුරුලු වෙනව...අම්ම ලඟට ගිහින් තුරුලු වෙන්නෙ ඔය කවුරුත් කියනව වගේ "ගෑණු ළමයි ගොඩාක්ම සමීප අම්මට" හින්ද නෙවෙයි...තාත්තෙක් හිටියනන් කොහොම හරි තාත්ත ලඟ තුරුලු වෙනව....හැබැයි තාත්තෙක් හිටියෙ නෑ කියල මට දුකක් දැනුනෙ නෑ...ඒ ඇයි දන්නෑ...සමහර විට තාත්ත ගැන නොදන්න හින්ද වෙන්ඩ ඇති...නැත්තන් තාත්තගෙ අඩුව අම්මම  පුරවන්ඩ ඇති...එහෙම පිරෙව්වනන් ඒකට ගොඩක්ම උදව්වෙන්ඩ ඇත්තෙ සෝමෙ දාස මාම..කොහොම උනත් මට මගෙ අතීතෙ සුන්දරයි......
                                 අතේ එල්ලිල ...කොන්ඩ කරල් දෙක පද්ද පද්ද ඉස්කෝලෙ ගිය අතීතෙ...ආය හවසට අම්මගෙ අතේ එල්ලිල කොන්ඩ කරල් දෙක පද්ද පද්ද ගෙදර එන අතීතෙ...අතර මගදි අයිස් පැකට්,..කඩ චෝරු කන අතීතෙ...ගෙදර ඇවිත් ආය කන්ඩ ඉල්ලල අඬන අතීතෙ...හරිම සුන්දරයි...,ආයෙත් ඒ පරණ තැන් වලට යන්ඩ තියනවනන් කොච්චර දෙයක්ද!....හැබැයි මට ඒ තැන් වලට යන්ඩ තිබ්බ දරු පැටියෙක් හිටියනන්....අතේ එල්ලන් ඉස්කෝලෙ යන්ඩ....සැර කරන්ඩ...කණ මිරිකන්ඩ.....තුරුල කරන් ඉබින්ඩ...ලස්සනනන....දරු පැටියෙක්...අහසෙ හිනැහෙන අකුණු වගේ හිනැහෙන....සීතල සුලං වගේ කතා කියන....මේ අදුර වගේ හැමදාම ලඟින් ඉන්ඩ පුංචි එකෙක්..                              
              පුංචි එකෙක් හදා ගන්න එක මට එච්චර දෙයක් නෙවෙයි....කීදෙනෙක් එක්ක දවසකට ඉන්නවද....සුටුස් ගාල දරුවෙක් බඩේ..ඒ උනාට එහෙම කරන්න කැමති මොකාද...පුක දෙන *සියෙකුට ළමයෙක් හදල දෙන්ඩ....තමන්ගෙ ගෑනිව කාල කාල පඩිපෙල් වගේ ළමයි හදල තව හදන්ඩ...."අඩුම ගානෙ මල්ලි උඹවත් කැමතිද??...!!!!!!!.....නෑ නෙ?.."බඩුවක් කවද්ද ළමයෙක් හැදුවෙ නේද?..."හැබැයි මල්ලි මාත් ගෑණියක්...".                                      
                                             ළමයි ගැන මතක් වෙද්දි අර පාහරයමයි මතක් වෙන්නෙ...සුගත්....කීවෙනන් කොහොමද....ලුණුයි බතුයි කන්ඩ..!!!!..මගුලෙ ලුණුයි බතුයි...මම බඩ කියල දැන ගත්තම බත් තියා ලුණුවත් නෑ...පාහරය....                                                                                                  
      ඒකට බයින්ඩත් බෑ..මොකද තනි අතින් අප්පුඩි ගහනවයැ....මගෙත් අමාරුව තිබ්බනෙ...කොහොම හරි ඌ තමා මට මේ රස්සවට පාර කැපුවෙ....මේකත් ඒ හැටි නරක් නෑ....ඉදල හිටල එන එක සක්කිලියො දෙතුන් දෙනෙක් හැරුනහම....අප්පේ උන් කොහොම ඉන්නවද මන්ද...එහෙම එකෙකුට අහු උනොත්නන් ඉවරයි.....මටනන් ඊළග දවසෙ වැඩක් වත් කරගන්ඩ අමාරුයි...    
        තාම වැස්සෙත් නෑ...විදුලි කොටනව ,ගොරවනව..ජනෙල් කූරු අස්සෙන් රිංගන සීතල සුළං රැලි මට වර්ථමානයේ ඉන්ඩ තහන්චි දානව....අතීතෙට බලෙන්ම අරන් යනව...             
                         එදත් ආව මේ වගේ හුලඟ....
 හැබැයි යකඩ කූරු ගැහුව ජනේලෙකින් නෙවෙයි....ලස්සන්ට ඇරපු අපෙ ගෙදර ජනේලෙන්...ඒ ජනේලෙ හරි ආසයි හුළං එනවට...එයා යකඩ කූරු ගහගෙන නෑ...හැබැයි ඒ හුළං හරි මූසලයි...මටත් ඒක පාසෙ දැනුනෙ..අම්ම පපුව අතගගා කෙදිරි ගාද්දි දැනුන....අම්ම ඉස්පිරිතාලෙට ගෙනියද්දි දැනුන...අම්ම මලාට පස්සෙ දැනුන....හැබැයි අම්ම වලදාද්දි දැනුන්නෑ....එතකොට පොඩි සතුටක් දැනුන....ඇයි දන්නෑ..                                          
               උසස් පෙළත් ඒ එක්කම නැවැත්තුව...නෑදෑයො හිටියට උන් මෙලෝ රහක් නෑ...මාසයක් ඉස්කෝලෙ යැව්ව...පස්සෙ රස්සා ගැන කියවන්ඩ පටන් ගත්ත...කොහොම හරි දැන් අපේ ගේ උන්ට,මම කුලියට.....එක අතකින් උන්ගෙත් වරදක් නෑ...තනි මට මොකටද ගෙයක්...අනික මට ගෙයක් තිබ්බ කියල ගෙදර ඉන්න එකක්යැ...කොහොම හරි අන්තිමට මම ගාමන්ට් රස්සාවක් හොයා ගත්ත....හැකියාවට රැකියාවක් නම් නෙවෙයි.....මාස ගානක් අමාරුවෙන් අමාරුවෙන් මහන්සි වෙලා පුරුදු වෙලා හොයා ගත්ත එකක්......ගාමන්ට් රස්සාවත් ඒහැටි ගැලපුනෙනෑ....උදේ ඉදන් හවස් වෙනකන් මහන්සි වෙලා හම්බෙන්නෙ තුට්ටු දෙකයි....නයිටක් ගැහුවොත් නම් ගාන ටිකක් වැඩිකර ගත්තැහැකි...ඒ උනාට මට එතන එච්.ආර්. එක වැඩිය දිරෙව්වෙ නෑ..අපි නැහෙනව....උන් ආතල් ගන්නව....මාස තුනයි ආය ගෙදර...                                          
            සතියයි දෙකයි ආය කුණු කුණුව....ඒත් මං මොනව කරන්ඩද ??ඔහේ හිටිය,මාස තුනට ගත්ත පඩියෙනුයි...සුගත්ගෙනුයි ජීවත් උනා..මම...... මම....,එයාට ආදරේ කරා මගේ අම්මට වගේම...මට වගේම...........ඒ කාලේනන් හරි සුන්දරයි අපි, එයාට නිවාඩු දවස් වලට ඇවිදින්ඩ යනව..ඔහේ යනව...ආදරෙන් අත්දෙක අල්ලන්...අපි වැඩියෙන්ම ගියෙ වැව රවුමෙ..එතන එහා පැත්තෙ තියන ළමා උද්‍යානය එයා කැමතිම තැන...ඒකාලේ එතන හිටිය පොඩි දරුවෙක්...අම්මයි දරුවයි හිගා කනව...එයා අයිස් ක්‍රීම් දෙකක් අරගෙන එකක් මට දීල අනික ඒ දරුවට දෙනව...අපි දෙන්න ඒකක් කනව...
අපි හිතෙන හිතෙන දේවල් කරා...එයා මගේ මම එයාගෙ...කොහොම හරි මට එයාගෙන් බඩක් ආව..ඒ කියන්නෙ ළමයෙක්..හැබැයි මම ඒක එයාට කීවෙ මම දැනගනත් සති කිහිපයකට පස්සෙ....එදා ඉදන් එයා මාව මඟ ඇරිය...ටිකෙන් ටික..ආදරේ අඩුව දැනුන..ඒත් එයා මට කවදාවක් කීවෙනෑ දරුවව නැති කරන්ඩ කියල...ඒ වෙනුවට එයා මගෙන් ඈ වෙන්ඩ උත්සහ කලා........                                                                  
             ගෙදරින් හෙන කලබලේ...සුගත්ව හොයනව....බයිනව බයිනව...ඉවරයක් නෑ...මගේ කටේ සැර නැත්තන් මාව පන්නල............සක්කිලියො!..                                         
                                      අන්තිමට මම සුගත් වෙනුවෙන් ඉන්න එක නැවැත්තුව...මට තේරුන ගෑණු-පිරිමි මම දිහා අමුතු විදිහට බලනව කියල...උන් හරියට ශුද්ධ වන්තයො වගේ...යකෝ මම අම්ම කෙනෙක් ...සැමියෙක් නැති....... ඉතින් මොකද මට ප්‍රශ්නයක් නැත්තන් උනට තියන ප්‍රශ්නෙ මොකක්ද?ටිකෙන් ටික බඩ මෝරද්දි උන්ගෙ ප්‍රශ්න මගෙ ප්‍රශ්න උනා..උන් මං උනා...උන් උන් උනා...වැරදි කාරය බඩේ ඉන්න එකා...ඒක තීරනයයි...තෝ ආපු තැනටම පල...            
                                                               එලෙව්ව ඌව එලෙව්ව ආපහු...අතින් විස්සයි ඉතුරුව ඇගෙන්....අපි අසරණයි කියල දැන ගත්තහම උන් එන්නෙ බුදියගන්ඩ...සක්කිලියො!,,..අලුගෝසුවො!!...හැබැයි උන් සුගත් තරන් අසහන කාරයො නෙවෙයි....දැම්ම පැද්දුව එච්චරයි...එතැනින් ඉවරයි..                                
                     දැන්නම් හුළං සැර අඩුයි...විදුලි කෙටුවත් ගෙරවිල්ල අඩුවෙලා..වැස්ස නැද්ද...රැවැට්ටුවද....                                              
                                
ඔය අතරෙ මට ගෙවල් ළග රෙස්ට් ටුවරන්ට් එකක වැඩක් හම්බෙනව...එතන හොදයි...පඩිත් හොදයි..කට්ටත් නෑ...හවස් වරුවෙ ගෙදර ගිහෑකි...හැබැයි බොසා නන් හෙන පැණිය...හැබැයි හොදයි...අවංකයි....මෝඩයි...මට බැල්ම දාද්දි මාත් උකුලු මුකුලු දානව...මොකද මුහුදෙන් දිය දෝතක් ගත්තට දැනෙනවයැ...කොහොම හරි අන්තිමට බොසාගෙ ඩ්‍රිවරය ඉස්සර උනා...          
                                                              ඔන්න ඔතන තමා මගෙ ජීවිතේ වෙනස් උන තැන...ඒ ඩ්‍රයිවර් මට අලුත් හෝටලයක රස්සාවක් අරන් දුන්න...එතන ටික කාලයක් වැඩ කරකර ඉද්දි කොහොම හරි මේ රස්සාවට වැටුන..                          
                                 මේක නරකම නෑ...අසහන කාරයො නැත්තන්...මට පොඩි කාලෙ ගෑණියෙකුගෙයි කෙල්ලෙකුගෙයි වෙනස අම්ම කියල තිබුනට ඊට වැඩි දෙයක් කියල දීල තිබ්බෙ නෑ...හැම දෙයක්ම දැනන් හිටියෙ නෑ..මේතරම් දේවල් සමාජෙ ගැන...හැබැයි අවුලක් නෑ...මේ රස්සාව මරු...මමනන් කාටවත් එපා කියන්නෑ...කවුරු කොහොම කීවත් හැමෝටම ඕනෙ සල්ලිනෙ.....මටත්,අපි හැමෝටම........
සල්ලි බුග් බුග් ගාන්නෙත් නෑ...
                                                                                   
         ආයෙත් අකුණක් ගැහුව...,මේ පාරනන් හයියෙන් ගෙරෙව්ව.....දැන්නන් වහී වගේ....                                                              
                                                                                     
                                                                                   
                                                                                    
විශේෂයි;-"කළාව හා කළාත්මක නිමාණ යනු, බහුතර සත්‍ය හා බහුතර පරිකල්පණය මත නිර්මානය වන්නා වූ සත්‍ය හා මැවීම අතර සංවාදයකි..."
එය තමා දකින විඳින හා ලබන සමාජ බලපෑම් මත පාඨකයා සත්‍ය හා අසත්‍ය ලෙස නිගමන වලට එලැබේ..

12 comments:

  1. ලස්සන නිර්මාණශිලි කතාවක් සහෝ,උඹේ භාෂා හරඹය ඇත්තටම අලංකාරයි මලයා,සමාවෙන්න ඔනා මේ පැත්තට එන්න පරක්කු වුනාට,දැන් දිගටම එන්නම්කෝ,
    ජයෙන් ජය,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරය...වෙල්කම් ඈ..

      Delete
  2. උඹේ කතා ලිවීම ලස්සනයි... අකුරු ප්‍රමාණය සහ ඡේද අතර පරතරය වගේ දේවල් ගැන ටිකක් හිතන්න... ඒවා කියවන කෙනාට මාර වැදගත්.. ඒවායින් තව තවත් උඹේ නිර්මාණ අලංකාර කරයි පුතේ....... ආ නෑ දරුවෝ........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....අනිවාරෙන්ම ඒ ගැන බලන්නන්...අපෝ..දැන් ඇති බං..

      Delete
  3. Replies
    1. ටැන්කූ අලී.....වෙල්කම් ඈ..

      Delete
  4. නියමයි...දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලලිතෝ...

      Delete
  5. විශේෂයි;-"කළාව හා කළාත්මක නිමාණ යනු, බහුතර සත්‍ය හා බහුතර පරිකල්පණය මත නිර්මානය වන්නා වූ සත්‍ය හා මැවීම අතර සංවාදයකි..."
    එය තමා දකින විඳින හා ලබන සමාජ බලපෑම් මත පාඨකයා සත්‍ය හා අසත්‍ය ලෙස නිගමන වලට එලැබේ..

    උඹ උඹේ විදියකට ලියපන් මල්ලිම උඹට හොඳ අනාගතයක් තියෙනවා, එත් හැමදේම හන්ගීමකටම විතරක් එහෙම නැත්තන් පරිකල්පනයට විතරක්මත් යට කරන්න එපා, එතැනදී කතාව ආයෙත් බොළඳ වෙනවා, ජය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයිය...පරිකල්පණය හැගීම් එක්ක මුසු උනහම යතාර්තවාදී වෙන්නැද්ද??

      Delete
  6. ආසාවෙන් කියෙව්වා. උඹ වගේ ලස්සනට ලියන එකෙක්ට උපදෙස් දෙන්න තරම් එකෙක් නෙමේ මම. ඒත් මචන් ලියල ඉවර වෙලා ආයෙම දෙපාරක්, තුන් පාරක් කියවපන්. සමහර වචන වල අකුරු පවා එහෙ මෙහෙ වෙලා තියෙනව නම් අඩුම ගානේ ඒ ටික වත් හදාගත්ත හැකි එතකොට. ජය වේවා මචන්

    ReplyDelete
    Replies
    1. උඹල තමා මචං උපදෙස් දෙන්ඩ,වැරදි පෙන්නන්ඩ,ඔලුව අතගාන්ඩ වගේම ටොකු අයින්ඩත් ඉන්නෙ....ඉතින් ඒකට මට සෑහෙන්ඩ සංතෝසම්...

      Delete