Saturday, March 19, 2016

විකුනන ආදරය

විකුනන ආදරය ඒ මොකක්ද??ආදරය විකුනනව මුට පිස්සුද??
වර්ථමානයේ හා අතීතයේ මෙන්ම අනාගතයේ ද ආදරය පැවතෙන්නකි පැවතුනකි හා පැවැත්වෙන්නකි....ඉතින් මේ තරම් කාලයක් ආදරය පැතිර ආවේ කෙසේද??එයට පිලිතුර නම් හැගීම්...අප විඳින,ලබන හැගීම්...හැගීම් ඇතිවන්නේ කුමක් නිසාද?අවශ්‍යතාවයන් සපුරා ගැනීමට...අවශ්‍යතාවයන් සපුරා ගන්නේ කෙසේද??හැගීම් පිනවීම තුලින්...
එසේනම් ආදරය විකිනෙන්නේ  කෙසේද??එසේ විකිනෙන්නේ කවර දා සිටද??මිනිසා ආදරය යන හැගීම දැනුනු දා පටන් ආදරය විකිනේ....සියලු සතුන් විරුද්ද ලිංගිකයන් හා ආකර්ෂනය වන්නේ මූලිකවම වර්ගයා බෝකිරීමේ අභිලාශයෙනි..ඉතින් එහිද ඇත්තේ වෙලදාමකි...මුදල් නොව භාන්ඩ නොව සිතිවිලි හුවමාරුවකි...ඉතින් එය වෙලදාමකි..වෙළෙන්දා හා පාරිබෝගිකයා දෙපාර්ශවය විසින්ම නියෝජනය කරයි...
                          
හුදෙක් පාරීභෝගිකයා තෘප්තිමත් කරන බව පෙන්වුවද තෘප්තිමත් වීවට වැඩි උත්සහයක් දරනුයේ වෙළෙන්දාමය....
ප්‍රේමය වෙනුවෙන් සියදිවි නසාගන්නා වුන් දැක,අසා ඇතිවාට සැක නැත...බොහෝ විට ඔවුනට හේතුවන්නේ නිවසින් වෙනත් අයෙකු හා විවාහ වීමට බලපෑම් කිරීමයි(ඝෘජුව හෝ වක්‍රාකාරව මෙයට සම්බන්දයක් දරයි)...මෙවැනි හේතු හැරුනු විට වෙනත් හේතු වලට සියදිවි නසා ගන්නා පෙම්වතුන් මා දැක නැත...වෙනත් අයෙකු හා විවාහ වීමට සිදුවීම හේතුවෙන් ජීවිතය නැති කරගන්නේ අනෙකාගෙන් තමාට ලැබෙන විදීම නොමැතිවීම හේතුවෙනිල්..එය ශාරීරික,මානසික වැනි ඕනෑ ආකාරයක් ගනී.
            මව්-පිය-දූදරු සබඳතා බලන්න ඒ තුලද ඇත්තේ අතිශය සියුම් වෙළද සබ්බදතාවයකි....දූ දරුවන්ගෙන් මව් පියන් බලා පොරොත්තු වෙන දේවල් සේම මවු පියන්ගෙන් දූ දරුවන් බලා පොරොත්තු වෙන දේවල්ද ඇත...දෙපිරිසම යමක් බලා පොරොත්තු වන පාරිභෝගිකයන්ය....දෙපිරිසම යමක් ලබාදෙන වෙළන්දන්ය..
                                     එහෙත් ආදරය තුල භෞතික වෙලදාමක් සිදුවේද??සිදුවේ එහෙත් බහුතරය තුල නොවේ..සුලුතරය තුලය.
              මෙය ආරම්භ වූයේ මෙරටට එල්ල වූ බටහිර විදේශ ආක්‍රමන සමගය...ඒ සමග ආ ආගම්,ඇදහිලි හා විශ්වාසයන් මුදලට මුල්තැනක් ලැබීම හේතුව ලෙස දැක්විය හැකිය...කෙසේ හෝ එදා සිට අද දක්වාම ආදර වෙලදාම සිදුවේ...භෞතික හා අභෞතික යන මාද්‍ය දෙක තුලම....මතුවටත්...

10 comments:

  1. ආදරයට නිර්වචන ගොඩාක් තියෙනවා... වැදගත් ලිපියක් මචන්

    ReplyDelete
    Replies
    1. ඔව් මචං මාත් හිතනව...මොකද බං ආදරය විශ්ව භාෂාවක් නෙ ......


      බොහොම ස්තූතියි...

      Delete
  2. ආදරය වෙලදාම් කරන පිරිසක් හිටියත් ඒ වගේම බොක්කෙන් කරන පිරිසකුත් ඉන්නවා. දිගටම ලියමු. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං

      Delete
  3. බොක්කෙන් නෙවේ හක්කෙන් කරත් ආදරය වෙලදාමක්....දැනුවත්ව හෝ නොදැනුවත්ව....

    ReplyDelete
  4. හැමදේකටම මිලක් තියෙනවා. එහෙම වෙන්න හේතුත් තියෙනවා. ම්.ම්.ම්.ම් අපි හැමෝම එහෙමයි මට හිතෙන විදිහට

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රියන්ති අක්කෙ හැම දෙයක්ම තීරනය වෙන භෞතික සාධකය මුදල....මම ඔතනදි තව දෙයක් කියන්ඩ උත්සහ කරා....ඒ මුදල් නොවන වෙලදාම.......ඒකෙ හුවමාරු මාද්‍ය හැගීම්......උදාහරනයක් ගම්මු. ඔයා කාට හරි ආදරය කරනව...ඒ කියන්නෙ ඔයා එයාගෙන් ආදරය ලබා ගන්නව...ඒ සේවාව ලබා ගන්නා අතරෙම ඔයා එයාගෙන් විවිද ක්‍රියා පිලිවෙත් හා බොහෝ දේ වල් බලා පොරොත්තු වෙනව....එයත් එහෙම බලා පොරොත්තු වෙනව....එතකොට ඔය දෙන්න අතර සේවා හුවමාරු වෙලදාමක් සිදුවෙනව...

      Delete
  5. ඒ කියන්නෙ ආදරයට වටිනකම්ක් තියනවා. ආදරයට උපරිම වටිනකම්ක් ලබාදෙන්න අපිට පුලුවන්.

    ReplyDelete
  6. ඒ කියන්නෙ ආදරයට වටිනකම්ක් තියනවා. ආදරයට උපරිම වටිනකම්ක් ලබාදෙන්න අපිට පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් හරියටම හරි...

      Delete