Tuesday, March 22, 2016

නැගෙන බිඳු සේ නුඹ මැවේ

              ආදරේ රැයෙ සීතලේ මේ
              ආදරේ සුව මට දැනේ
           ඒනිසා තොල සිප ගැනේ
                                                                                  
                                                                                     
            රණ හංස යුවලක ආදරේ
                    ඇති අමිල සුව
                    මට තව දැනේ
                                                                                
                                                                                
             කරුවලේ නුඹ යන වෙලේ
                       තනිය නැහැ
                  නෙත් නුඹ වෙතේ
                                                                                
                                                                           
               ප්‍රේමයේ කදුලැලි ඇතේ
              රාගයෙත් අග දුක ඇතේ
           හදවතේ මගෙ නුඹ ඇතේ
                                                                                   
                                                                                     
                 ජීවිතේ ඇති සැනසුමේ
             සැනසුමක් දෙන මඳු විතේ
            නැගෙන බිඳු සේ නුඹ මැවේ

11 comments:

  1. හ්ම් සුන්දරයි.........

    ReplyDelete
  2. හොදයි කයන්න ටිකක් අමාරුයි මචං. ඒත් උත්සාහය හොදයි.. වටින්නෙ ඒකයි..
    ටිකක් වාර්තාකරණයක හැඩ සොබාව තියෙයි. පොඩ්ඩක් විතර උපමා භාවිතා වෙලා තිබුණත් ව්‍යංගාර්ථයෙන් යමක් පැවසීම ඒ කියන්නෙ කියන දේ පොල්ලෙන් ගහන්නා වගේ නොපැවසීම තමා කවියක අන්‍ය ලක්ෂණය වෙන්නෙ..
    මං මෙහෙම කීවට අවුලක් නෑ කියල හිතනව..
    හැමදාම ලියහං කවි කියවහං.. මේ ගතිය නැති වෙලා කවියක හැඩහුරුකම එන්න ගනී...
    ජයවේවා

    ReplyDelete
  3. බොහොම ස්තූතියි මචන්.....අගය කිරීමකටත් වැඩිය මට ගොඩක් වටිනව වැරදි පෙන්නල දෙන එක....මොකද අපිට ඉස්සරහට යන්ඩ ඕනෙනන් වැරදි හදාගන්ඩම වෙනව...එහෙම වැරදි හදාගන්ඩනම් කවුරු හරි වැරදි පෙන්නන්ඩ ඕනෙ...ආයෙත්,.... ස්තූති මචෝ

    ReplyDelete
  4. දිගටම ලියන්න..

    ReplyDelete
  5. නුඹ මැවේ යළි බිඳ වැටේ
    නෙතු අයන් මා බලා ඉමි
    මැවෙන තුරු ඔබ මී විතේ
    ජීවිතේ මංසලේ
    හමුව වෙන්වී ගියා
    යළිදු එනුදැයි කියා
    මග බලා මම වෙහෙසිලා
    සමුගන්න අවසරද
    මා පෙළෙන මී විතින්?
    හමුවේද නෙත් ගැටෙන
    නේක පිළිඹිබු මතින්

    ReplyDelete
    Replies
    1. බොහොම ලස්සන පිළිතුරු කවියක්....ස්තූතියි අක්කෙ

      Delete
  6. හෑ ..... අර පොඩි පාන් බට්ටෙක් වගේ හිටිය රසිකද මේ වගේ කවි ලියන්නෙ :P හරි ඔහොම යං දිගටම කවි ගොතන්නෝ ... ෆලෝ කරා දැන් දිගටම කවි කියවන්න එන්නම්කෝ :)

    ReplyDelete
    Replies
    1. ටැංකූ ටැංකූ හංසි අක්කෙ....වෙල්කම් කීව ඕන්..:)

      Delete