Monday, March 28, 2016

ජීවිතේ මඳ හසක්

හමන සුළි සුලගක සිහිලැල්ල වීලා
ගලන මඳ පවනක හස රැල්ල වීලා
ගෙවෙන හැම මොහොතකම ආදරය දීලා
ඉන්න මගෙ පණ කෙන්ද නුඹ මගෙම වීලා
                                                      
ඇද වැටෙන වැහි බිඳක කරුනාව වීලා
ගලා යන ගං තෙරක ප්‍රේමයත් දීලා
ආදරේ ඇති හදක සෙවනැල්ල වීලා
ජීවිතේ ලඟ ඉන්න මඳ හසක් දීලා
                                                                                  
ආදරේ නොහදුනන ප්‍රේමියෝ බොහෝ ඇති
ආදරේ නොමදකින ප්‍රේමියෝ බොහෝ ඇති
නුඹ වගේ සැප හොයන ප්‍රේමියෝ බොහෝ ඇති
මා වගේ ලඟ ඉන්න ප්‍රේමයෝ ලොවේ නැති
                                                                                   
 මඳු විතක,මීවිතක ආදරේ රැදෙන්නැති
තව ටිකක් රැළි නගන සව් කොළෙක බැදෙන්නැති
ඒ හිංද මම නුඹට ප්‍රේමයෙක් ටිකක් දුනි
දුක් නොවී ලඟ ඉන්න ඒ වගේ නුඹත් වටී   
                                                                        
ප්‍රේමයක් වගේ ඇති පතිවතක් මට එපා
මහ උසට ඉතිරෙන්න ආදරෙත් මට එපා
පුංච් හිත බිඳ දමන විරහවත් මට එපා
ප්‍රේමයක් ඇර කිසිත් නුඹෙන් මට දෙනු එපා

9 comments:

  1. සුන්දරයි............

    ReplyDelete
  2. බොහොම ස්තූතියි කුරුට්ටො...

    ReplyDelete
  3. කවි පෙළ අගෙයි .. මලලියෝ පොඩි අදහසක් ... ආදරය ගැන මාතෘකා වගේම තව තවත් අපිට හිතෙන්නේවත් නැති දේවල් මාතෘකා ඔස්සේ කවි ගොතනවානම් මම තවත් කැමතියි . :) තව තව රහට කවි ලියන්න මගෙන් සුබපැතුම් මාත් කවිලියන්න පුරුදු වෙන්න ඕන ..වෙලාවකට ලියවෙනව හැබැයි තාල කැලේ :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසියො.....හොද අදහසක්....ටැන්කූ ටැන්කූ....ලියහං බං ලියන්නැතුව කොහොමද හොඩ නෑ කියන්නෙ...ලියල දෙක තුනක් දාන්ඩෝ.....

      Delete
  4. ආදරේ නම් වේදනාවක් බං. කොහෙද උඹට තාම ඒව තේරෙනවැයි. හැක් හැක්..
    අනික මචං උඹ දන්නවනෙ. කෙල්ලට වඩා සිට් එක වටිනව. ඔව් ඉදගෙන..
    හැක් හැක්..
    කවිය ලස්සනයි කොල්ලො.. සමාවෙයං මේ දවස් වල ඔලුව අවුල්.. හරි හමං රිප්ලයි එකක් දාගන්නත් ඔළුවක් නෑ..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ආදර වේදනාවක්ද බං..හැබෑට........අපි කෝමැයි ඕව දන්නෙ....පුලුවන්නන් හොයල දියන්....

      .......අනේ පල පල...පව් බං ඒ දැරිවි..උඹේ දිහා බල බල ගියෙ....කොහොද ශීට් එකට පෙරේත උනානෙ...

      Delete
    2. මොකක්ද කේස් එක...ෂා එෆ්.එම් වත් ඇහුවද??නැත්තන් ටීගෝ.....

      Delete
  5. //ප්‍රේමයක් ඇර කිසිත් නුඹෙන් මට දෙනු එපා//
    wow...

    ReplyDelete
    Replies
    1. ආදරේනන් ආදරේ විතරයි....ඒ මගේ තේරීම..

      Delete