Sunday, March 6, 2016

ආදර භීතිකාවක්....

ආදරය යනු කුමක්ද?ලෝකයේ සෑම පුද්ගලයෙක්ම අඩු වැඩි වශයෙන් විද ඇති ඒ වින්දනය,හැගීම කුමක්ද?දන්නා පරිදි එයට තවමත් පැහැදිලි නිර්වචනයක් නොමැත.                                  
      මේ ලෝකයේ ආදරය ව්ව්ධ ලෙස කැටි වී ඇති ආකාරයක් දක්නට ලැබේ.මව්පිය,ස්වාමිභාර්යා,සහෝදර සහෝදරී,යහලු මිත්‍ර ලෙස පෙම් යුවලවල් හා ඛංඩායම් ලෙස කැටි ගැසෙමින් ආදරය වෙන්ව පවතී.                                       
                       කෙසේ හෝ වේවා ආදරය කරන ලබා ගන්නා වූ අයවලුන්ගෙන් බහුතරය තමාට පමනක්(ස්වයං) ආදර කරන පිරිසකි.තමා ආදර කරන මව පියා වේවා යහලු මිත්‍රයා වේවා ස්වාමි භාර්යාව වේවා ඕඅනෑම තමා ආදර කරනවා යැයි පවස ප්‍රතිවාදියාගෙන් ක්ෂනික පලිගැනීමට ඔවුනට හැකිය.එසේනම් එය ආදරයද තේරුම් ගැනීමට නොහැකි තත්වය එයයි.සුලු දෙයකට පවා ඔවුන් සමග ගැටෙන ඔවුන් තමන් ආදරය කරනවායැයි පසති.මව් පිය,යහලු මිත්‍ර,සහෝදර සහෝදරී මේ ඕනෑම සබදතාවයකට මෙය ආදේශ කර බලන්ඩ ඔබටම එය වැටහේවි.                                                               
                  තමාට ආදර කරන්නා තමාට ආදර නොකරයි නම් ඒසේ ආදරය නොකිරීම තුලින් ඔහු හෝ ඇය හෝ පිරිස තෘප්තියක් ලබයි නම් මා සිතන පරිදි සිදුවීමට ඉඩ දිය යුත්තේ එයයි.අප ඔවුනට සැබැවිම ආදරය කරනවානම් ඔවුනගේ තෘප්තිමත් සතුට අප නැති කලයුතු නොවේ.                                                 
     මා සිතන පරිදි ආදරය යනු, උත්තරීතර හැගීමකි.එක පිදීමකි,ලබාගන්නා විසින් නැවත පිදිය යුතු යැයි සම්මත නොවන පිදීමකි.            
              එසේ නොමැතිනම් ආදරය යනු මිනිසාට සමාජයේ ජීවත් වීමට ලැබෙන මුක්කුවකි.එය ජීවිතය පවත්වා ගෙන යාමට ලැබෙන්නා වූ තල්ලුවකි.විදීමකි,විදවීමකි.පාලනයෙන් තොර හැගීමකි එය වනාහි හේතුවකි.වර්ගයා බිහි කිරීමෙහි ලා,බිහි කරවූවන් පවත්වාගෙන යාමෙහි ලා,පවත්වාගෙන යන වූවන් රැක ගැනීමෙහි ලා,රැක ගත්ත වූවන්ගෙන් නැවය්ත වර්ගයා බෝ කිරීමෙහි ලා වූ යාන්ත්‍රනයකි.පෙලඹ වීම හා ආශාව ඉපැද්දවීමයි.                                                           
                       මා සිතන පරිදි ආහාර යන වචනයට සමාන පදයක් ලෙස ආදරය යන වචනය භාවිතා කල හැකිය ජීවිතය හා ජීවත්වීම  සමග ආහාර වල ඇති සම්බන්ධතාවය ආදරය හා ජීවත්වීම තුල ඇත.ආහාර නොමැතිව යම් කාලයක් ජීවත්විය හැකි සේම ආදරය නොමැතිවද යම් කාලයක් ජීවත්විය හැක.එහෙත් එයට ඇත්තේ යම් සීමාවකි.ඉන්පසු සිදුවන්නේ විනාශ වීමයි.හුදෙක් මා මෙහිදී සදහන් කරනුයේ තම ජීවිතයට ආදරය කිරීමයි.ජීවිතයට ආදරයක් නොමැතිනම් ඒ ජීවිතයේ පැවැත්මද ස්තිර නොවේ.ඇත්තේ මියයාමයි.මරණයයි.        
                    එසේ නම් ආදර භීතිකාව යනු කුමක්ද?අප සමාජයේ නම් ආදරය කිරීම ඇතැම් අවස්තාවල මහා පාප කාරී ක්‍රියාවක් බව හුවාදක්වයි.ආදරය භීතිකාවක්ද?හුදෙක් නොතේරුම් ගැනීම,වටහා නොගැනීම හා නොලැබීම වැනි වූ කරුණු මත පදනම්ව මිනිසුන් විසින් ගොඩ නගා ගත් සන්කල්පයක් බිය ලෙස මගේ පරිකල්පනයට අනුව වේ.එසේ නම් ආදරය භීතිකාවක් වන්නේ එය නොලැබූවන්ටද?එහෙත් මා දැක
ඇති අයුරින් ආදරය භීතිකාවක් කොටගෙන ඇත්තේ ආල කරන පුද්ගලයින්මය ආල කර ගොඩනගා ගන්නා පුද්ගල සබදතා තුල ජීවත් වන පුද්ගලයින්මය.එමත නැහීමද,තමාට එය දුකක් බව දැන දැන ආදේශකයන් නොසෙවීමද දැන දැන විසීමද භීතිකාවක්මය.                                                
                     කෙසේ හෝ වේවා මේ ආදර භීතිකාව නොදැක ආදරය පමනක් දකින තාක් ආදර භීතිකාවක් නොවන්නෙමය.
                                                                   

10 comments:

  1. හොද සංවාදශීලී මාතෘකාවක්..... අගෙයි....

    පොඩි දෙයක් කියන්නද???? හැකිනං අකුරු ටිකක් ලොකු කරන්න..ඒක කියවන්නට පහසු කරනවා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි… සංවාදය පටන්ගනිමුද........den hari neadha??

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. hodai machan

    http://campussyndi.blogspot.com ta gihilla mula idhala ake post tika kiyawapan blogta akathu karaganna ona okkoma thiyenawa. jaya wewa.

    ReplyDelete
  4. අදරේට ආදේශන නෑ මචං
    ආදරේ භීතිකාවක් වෙන්නෙ ආදරෙැ් කියන වචනෙ තේරුම වත් නොදන්න උංට ඒකනෙ පිහියත් ඇරං ආදරේ කරන්න යන්නෙ
    අනික කෙල්ලවත් ඇරං රූම් ගානෛ යනේකේ ආදරයක් මම නං දකින්නෙම නෑ
    ආදරේ තිබ්බ කියල හැම දේකම ලිමිට් ක්‍රොස් කරන්න ඕනත් නෑ..

    හොදට ලියල තියෙයි මචං සමහර තැං වල අකුරු වැරදි තියෙයි හදාගෙන ඉස්සරහට යං
    ජයවේවා

    අහ් අමතක වුනා ෆලෝවර් ගැජට් එක දාගං

    ReplyDelete
    Replies
    1. මචං ආදරේ කරන්ඩ පිහියක් අරන් යන ටික දෙනයි...පිහියක් නැතුව ඊටත් වැඩිය මුවහත් සිතිවිලි එක්ක යන බහුතර එක්ක බැලුවහම දෙගොල්ලන්ගෙ වැඩි වෙනසක් මටනන් පේන්නෙනෑ..
      පිහියකින් එකපාර ජීවිතේ විනාශකරල දැම්මත් සිතිවිලි වලින් විනාශ කරන්නෙ ටිකෙන් ටික....ඒක වේදනාකාරී වැඩී...
      අපේ සමාජයේ පිරිමියාට හරි ගැහැනියට හරි පුලුවන්ද තමන්ගෙ සහකරු හෝ සහකාරිය තවත් ගැගැනියක් හෝ පිරිමියක් එක්ක සහවාසයේ යෙදීම අනුමත කරන්ඩ...බෑ නේද??මොකද ඔවුන් පතන්නෙ තමන්ට විතරක් අයිති සහකාරියක් හෝ සහකරුවෙක්....හැබැයි මචං ඔය කොයි කෙනත් රැකිල ඉන්නෙ,සම්මතය තුල ජීවත්වෙන්නෙ, අවස්තාව ලැබෙනකන්...අවස්තාව ලැබුනු ගමන්ම සීමාවන් තරනය කරන්ඩ හැමෝම සූදානම්.මම කියන්නෙ කවුරුවත් එහෙම වෙන්ඩ ඕනෙ කියල නෙවෙයි..සිදුවන්න...සැමගේ කැමැත්තට සිදුවන්න....අන්න ඒ සිදුවන්න ඇතුලෙ තමා භීතිකාව තියෙන්නෙ...ආදරය නෙවෙ....මම අදහස් කරේ ආදරය භීතිකාවක් කියල නෙවෙයි...ඔන්න ඔය නොපෙනෙන සමාජ ක්‍රියාවලිය...
      ආදරය කියන දේ උතුම් පරිත්යාගශීලී දෙයක් කියන එක මම ලිපියේ සදහන් කරල තියනව....ඒ උත්තරීතර හැගීම මම භීතිකාවක් විදිහට දකින්නෑ....මෙතන අපිට පැටලැවිල තියෙන්නෙ SEX සහ LOVE කියනදේ...වචන දෙකක්...එකට එකතුවෙන්නැති අන්ත දෙකක වචන දෙකක්..මේ දෙකට හොදම නිදසුන ප්‍රේමවන්තිය හා ගණිකාව...විමසන්න...

      මගේ ආදේශයේ වැරැද්ද පිලිගන්නව...

      Delete
    2. වැඩේ හරි..ටැන්කූ

      Delete
  5. අවශ්‍ය කරන අඩුවැඩිය සියල්ල යොදලා තියෙනවා සහෝදරයා . පිසීමට
    ලිප දල්වන්නයි දැන් තියෙන්නේ .....

    ඉස්තරම් ! ජයවේවා !!!

    ReplyDelete
  6. ලිප දල්වමි...බත රොස් නොවී ලස්සන්ට ඉදේවි...කෑමට සියල්ලන්ටම ආරාධනා කරමි....
    ස්තූති...සහෝදරී!!!

    ReplyDelete