Wednesday, March 9, 2016

වීම වීම හා පුනරාවර්තී චක්‍රය


මේ ලිපිය මීට දින කිහිපයකට පෙර ලිවීමට අදහස් කරත් මේ දක්වා කල්තැබුවේ ඇත ඇති සැටියෙන් එලිවෙන තුරු හා කතාන්දර නිමාවකට පත්වන තුරුය..                                                    
                        මාතෘකාව ඒඩ්ස්                             
         අප නොදුටු ඒඩ්ස් නොවන ඒඩ්ස්...
 මුලින්ම මා මෙසේ උදාහරනක් තුලින් ලිපිය පටන් ගමි...                      කන්‍යාභාවය විවාහයකට මෙරටදී කොතරම් වැදගත් කමක් ලැබෙනවාද...එයට මනමාලිටත් වඩා වැදගත් තැනක් ලැබෙනු සහතිකය.කන්‍යාවක් නොවන ගැහැනුන් සලකන්නේ මහා පාපතරයින් ලෙසය...ඔවුන් මහා වැරද්දක් කලා ලෙසය...එක් ප්‍රදේශයක් නොව ලංකාවේ සියලුම ප්‍රදේශ වල සිදුවන්න මෙයය.නැන්දම්ම්මා සලකනුයේ ඇය වෛයිශ්‍රාවක ලෙසය..පවුලේ අනෙක් අයගේ සැලකීමද ඊට දෙවනි නැත..කෙසේ හෝ වර්තමානය වනවිට මෙහි යම් වෙනසක්(සමාජ තත්වමය දියුනුවක්)දක්නට ලැබේ..                                    
                     දෙවන උදාහරණය...         ලංකාවේ පෙම් යුවලක් අතින් අල්ලා යෑම..කරට අත දමාගෙන යාම..මුකුලු කිරීම..ජාතික අපරාදයකි,කිස් එකක් දුන්නොත්නම් මරණ දණ්ඩනය ලබාදිය හැකි වරදකි...මෙහි උච්චතම අවස්තාව පසුගියදා රගදැක්විනි..මේ කුහකකම රටක් වශයෙන් අපෙ බොහෝ ජනයාට උරුම වූවකි..                                                           
                    
ඉහත උදාහරණ දෙකින් පැහැදිවූ දෙයක් ඇද්ද එය නම්,අපේ යාවත් කාලීන නොවීමයි..කුහක ගති පැවතුමයි..සමාජ රාමුවයි..                                                                        
      කුලියාපිටියේ සැබැවින්ම සිදුවූයේ කුමක්ද..ඔවුන් එච් අයි වී පිලිබද දැනුවත් නොවීමද..නැත සිදුවූයේ එය නොවේ..ඔවුනට අඩුම තරමේ එය දැන ගැනීමටවත් අවශ්‍යතාවයක් නොතිබීය. ඔවුන් සෙව්වේ සමාජ රාමුවයි දරුවා කොටු කල හැකි සමාජ රාමුවයි...අති පාරිශුද්‍ය ජනතාවගේ රාමුවයි..පිවිතුරු..ලිංග දැක නොමැති..අහක් බලගෙන චූකරන විශිශ්ට සමාජ තත්වයයි...ඇත්තෙන්ම එය රමණීයයි..                                                        
                         සුපුරුදු ඒ ක්‍රියාවලියයි...සියල්ලන්ම කිරීමට කැමති ක්‍රියාවලියයි..ඔවුන් හැදුවේ ඒ මහා වීරකම කර සමාජය සමග සිනහ වීමටය..ආතල් එකක් ගැනීමටය...පාරිශුද්ද කුලියාපිටිය රටටම පෙන්වීමටය...වැරැද්ද ඔවුන්ගේ නොවේ..වැරැද්ද අපෙ සමාජයේය...මහා ලොකුවට අප සුදනන් වීමට අවශ්‍ය නැත කුලියාපිටිය බැණ මහා සාන්තුවරුන් වීම අවශ්ය නැත....කුලියාපිටියට හූ...කියන ඇතැමුන් සිය දරුවා වතුර බොන කෝප්පේ වතුර උගුරක් ඒ දරුවාට දෙන්නේ නැත...දුන්නත් දෙන්නේ..වෙනත් කෝප්පෙකය...හැකිනම් නොදීසිටී...අපි එකෙක් අඩන විට සිනහ වීමට හපන්ය...සහජයෙන්ම දක්ෂය...                         
       අපි සිනහ වූයෙමු...මුලු කුලියාපිටියටම සිනහ වූයෙමු..පුලුවන් තරම් සිනහ වූයෙමු......
       අම්මේ ඒ පොඩීකාගේ තාත්ත පිං අත්විය යුතුය...සිය දරුවන්ට පසලක් නැති තාත්තලාගේ යුතුකම වන්නේ ඒඩ්ස් හදා ගැනීමය...පාසලක් සහතිකය...මක් නිසාදයත් පාසල් යාමට නොහැකි අහිංසක දරුවන් අපේ රටේ නැත...කිසිදු කුඩා දරුවෙකු හිගානොකයි...සියල්ලන්ම පාසල් වලය...තවත් දෙයක් ඇත..ඒ දරුවා නුවර පාසලට ඇතුල කරගත්තේ පාසලේ කීර්තිය වැඩිකර ගැනීමට නොවේය.සියල්ල සිදුවන්නේ මනුස්සකමටය...ප්‍රේමණීයත්වයටය...ආඩම්බරය සැබැවින්ම ආඩම්බරය...සමාජ ජාලවල ඇඩ්මින්ලාට අනුව ලංකාවේ පාසක් නැති එකම දරුවා ඔහුය..     
අවසාන වශයෙන් මා ඔහුගේ පියාට නිවන්සුව පතමි......."ස්තූති තාත්තෙ"...පොඩි එකා දවසක කියනු නියතය...

6 comments:

  1. බහුතරයක් බලං ඉන්නෙ කාට හරි කෙළවලා දාන්න
    ඒකයි ඇත්ත කතාව බං
    ඒඩ්ස් කතාව ඕන නෑ අර නිදහස් චතුරස්සරේ සික්කට හර්ෂ ඇමැටියා කරපු වැඩේ බලහං ඇමැට්ටෙක් කරන්න ඕන වැඩක්ද..
    ලංකාවම කුලියාපිටියක් තමයි බ්‍රෝ...

    ReplyDelete
    Replies
    1. උබ හරියටම හරි බං......ලංකාවම කුලියාපිටියක්...කුලියාපිටියම ලංකාවක්....ලංකාවේ හැම ගැටලුවක්ම ඇතිවෙන්ඩ මූලික පියවර ඇමැට්ටියො තමයි...අම්මෝ..උන්නන්...අපිමනෙ පත්කරන්නෙ..

      Delete
  2. උඹ නියමෙට නෙලලා වටේටම.. දැන් කුලියාපිටියේ උන් ගිහින් ඒඩ්ස් තියෙනවාද කියලා චෙක් කරගන්නවා ඇති.... ට්‍රිනිටි යන්න... හැක්

    ReplyDelete
    Replies
    1. හොදා බං ට්‍රින්ට බැරිනන් ඔනේ මගුලක ගිහින් හරියට හැදුනොත්....හැබැයි මචං දැන් සිංහ ලේ කාරයන්ට නහුතෙට නැගල...පුලුවන්නන් උන් ඉස්කෝලයක් හදල අර පොඩි එකාව ඒකට දායි...මටත් සිංහ ලේ බුවෙක් කිව කතාවකින් ඕක තේරුන..හැක්..

      Delete
  3. ලංකාවේ අපි හරිම වෙනස් , ඒ වෙනසට ගරු කරන්න

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ...බොහොම ස්තූති අදහස් දැක්වුවට

      Delete