Friday, March 4, 2016

නරලොව උසාවිය (තෙවන හා අවසන් දිනය...)

තේජසින් බබලන යම රජු මහා ආසනයකට වී,රුවින් අලංකෘත ,දැකුමින් ප්‍රිය උපදවන, රාග වඩවන, අඩක් විලි වැසුනාවූ යම පාලිකාවන් දෙදෙනෙකු දෙපසින් තබාගෙන සිය රම්ය වූ ශරීරස්කන්දයට පවන්සලා ගන්නා අතර,යම් නඩුවක් විභාග කරනු දක්නට ලැබිනි.
මහ රජුට ප්‍රසස්ති ගායනා කර මම ද පසෙකට වී නඩුව නැරඹීමට අවස්තාව ලබා ගතිමි.
දකුණු පස සිංහලෙන් "ජාතියේ මුර දේවතාවරු" ලෙසද දෙමළෙන් "ත්‍රස්තවාදීන්" ලෙසද සදහන් කොට තිබිනි.ඔවුන්ගේ ඛාංඩය විශාල වූ අතර උවුන්ගේ අත ගිණි අවි ද පයට පාවහන්ද හිසට හිස් වැසුම්ද කයට අනර්ඝවූ යුධ ඇදුම්ද විය.


අනෙක් පස දෙමළෙන් "ජාතියේ මුර දේවතාවරු" ලෙසද සිංහලයෙන් "ත්‍රස්තවාදීන්" ලෙසද සදහන්ව තිබිනි.ඔවුනගේ ඛාංඩය ද තරමක් විශාල වූ අතර ඇතැම් දෙනාගේ අත ගිණි අවිද,ඇතැමෙක්ගේ අතේ කඩු කිනිසිද,පොලු මුගුරුද විය.සුලුතරයකට පාවහන් තිබූ අතර සැලකිය යුතු තරමේ පිරිසක් හිස් වැසුම් රහිතව සිටියේය.එහෙත් ඔවුනගේ බහුතරය කැපී පෙනෙනුයේ සිවිල් වැසියන් මෙන් සිවිල් ඇදුමින් සැරසී සිටි හෙයිනි.


දකුණු පස:-
             
මහා බිය ඇති රුධිර වැගිරෙන
දශක තුනකට නොඅඩු දිග ඇති
මහා යුද්ධය ජය ගතිමි අප
කුමට කැදවුම් ලදද මේ ලෙස


                                                        අනෙක් පස:-
                                               දශක තුනක ම සිටිය මුත්
                                               නැහැනෙ ලැබුනේ අපේ අයිතින්
                                               අවිය ගති ඒ නිසා දෑතට
                                               ජාති ආලෙන් තෙද වැදීගෙන


දකුණු පස:-
                   බෝධි පූජා රට වටා
                   සෙත් පතා ඇත අපහට සදා
                   රටක් බේරන ලෙස සිතා
                   අරුන්; මැරුවා එකිනෙකා
                                                      
                                                        අනෙක් පස:-
                                               අවිය හුරු නැති අපේ දෑතට
                                               අවිය ගත්තේ අප ගැන සිතා
                                               මොවුන් හැදුවේ අප මරන්නට
                                               අයිතීන් ඉල්ලූ නිසා


දකුණු පස:-
                    එකම රටක් ලෙස
                   ඉන්නට නොහැකිව
                   වෙනමම පාලනයක්
                   කුමකට දෙම්දෝ
              
                                                        අනෙක් පස:-
                                                 එකම රටක් ලෙස
                                                ඉන්නට හැකිවේ
                                                අපට අපේ කම
                                                ලැබුනේ නම්


දකුණු පස:-
                    අප වෙමු මහා ජාතිය
                   තොපි වෙයි අපගේ සුලු ජාතිය
                    සිටිනු වහලුන් ලෙස
                    කුමකටද තොපිට බල
                                                        අනෙක් පස:-
                                                  වනසා දමන ලෙස සිංහලේ
                                                  ලැබිනි අණ අප වෙත මලේ
                                                  සිටිය හොත් අප තොපෙ බලේ
                                                  නැතැයි වැටහෙයි අපෙ බලේ


දකුණු පස:-
                   රටක් රැකුමට එක්ව අප සැම
                   යුධ වැදුන හෙන් අප මේසේ
                   වැරදි නැති අප
                   කුමට කැදවූයේ මේසේ
                                                        අනෙක් පස:-
                                                    රටක් කුමටද නිවහල්ව නැති
                                                    අපේ ජාතිය යට්ට ගොස් ඇති
                                                    ජාති ආලෙන් සටන් වැදුනෙමි
                                                    කුමට කැදවූවේ අප මෙසේ


එක් විටම සිය හුස්නෙන් බැස ගත් යම රජු
          "නඩුව හෙටට කල් තබමි"
    පවසා,ඉක්මනින් සභා ගැබෙන් පිටත් විය.
ඔහුගේ මණරම් වූ සේවිකාවන්ද එතුමා අනුගමනය කරමින් එතුමා පසුපසම ගමන් ගතීය.
     දෙපිරිස මුහුනෙන් මුහුන බලා වියරු ලෙස සිනහ විය.
මා සිටි තැනින් නැගිට ගත්තේ යලි මෙහි නොපැමිනේ යැයි ස්ථිර අධිටනිනි.






6 comments:

  1. අගෙයි රසික.............. ලියැවිල්ල නියමයි... ජයවේවා

    ReplyDelete
  2. ස්තූති...කුරුට්ටෝ....

    ReplyDelete
  3. ලස්සනයි මචන්....... මන් කියපු වැඩේ කරගෙන නෑ වගෙයි.

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙහෙම කරන්නකෝ...
      loyout>add a gaddget>bacics >blog list eka da ganna.
      .....................................>more gadget> followers da ganna
      theruna ne....

      Delete
  4. හරි නේද මචං..

    ReplyDelete
  5. නැත්තන්...කරන විදිහ තියන ලින්ක් එකක් rasikab007@gmail.com මේල්ලුවට එවන්ඩ

    ReplyDelete